Friday, September 20, 2024

උතුරු මුහුදේ මුහුදු කූඩැල්ලන් අල්ලන්නට සදුදා සිට අවසර

Must read

කොරෝනා වසංගතය පැතිර යාම වැළැක්වීමේ අරමුණින් තහනම් කෙරුණු උතුරු මුහුදේ මුහුදු කූඩැල්ලන් ඇල්ලීම සඳහා ලබන සඳුදා සිට කොන්දේසි සහිතව අවසර ලබාදීමට කටයුතු කරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර ඇත්තේ ලංකාදීපය සිදුකල විමසුමකදීය.  

උතුරු පළාතේ මුහුදේ සිදු කරන ධීවර කටයුතු බොහෝමයක් මෙම වසංගත තත්ත්වය සමග නවතා දැමීමට සිදුවූ බවත් මේ වනවිට සෑහෙන ප්‍රමාණයකට එම  තත්වය පාලනය වී ඇති බවත් කොන්දේසි සහිතව ධීවරයන්ට මුහුදු කූඩැල්ලන් ඇල්ලීමට අවසර ලබාදෙන බවත්  ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා එහිදී සදහන් කර ඇත.

කෙසේ වෙතත් බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ  කිමිදුම් ක්‍රම භාවිතා කරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලීමට පමණක් වන අතර සිලින්ඩර් යොදාගෙන ස්කුබා ඩයිවින්ග් ක්‍රමයට මුහුදු කූඩැල්ලන් ඇල්ලීමට අවසර හිමි නොවේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article