Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

උණුවතුර බෝතලයක් ඇඟ මතට පෙරළී බිළිඳෙකු මිය යයි !

Must read

යාපනය කීරිමලේ ප්‍රදේශයේ නිවසකදී, උණුවතුර බෝතලයක් ඇඟ මතට පෙරළීමෙන් ඇති වූ පිළිස්සුම් තුවාල හේතුවෙන් බිලිඳකු මිය ගොස් ඇති බව කන්කසන්තුරෙයි පොලීසිය පවසයි.

මියගොස් ඇත්තේ අවුරුද්දක් වයසැති ගජීපන් සගාස් නැමති බිලිඳෙකි.

කීරිමලෙයි නල්ලිනක්කපුරම් ප්‍රදේශයේ පදිංචි පවුලක මව දරුවාට කිරි සෑදීමට වතුර උණු කර, උණු වතුර බෝතලය දරුවා සිටි කාමරයේ මේසය උඩ තබා කාමරයෙන් ඉවතට ගොස් ඇත.

එම අවස්ථාවේදී දරුවා මේසයට දමා තිබූ ඉටි රෙද්ද ඇදීම හේතුවෙන් උණුවතුර බෝතලයේ පියන ඇරී දරුවාගේ ඇඟ මතට වැටී තිබේ.

බිලිඳා බරපතල පිළිසුම් තුවාල සහිතව තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කර ඇත. පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව දරුවා මිය ගොස් තිබේ.

මවගේ නොසැලකිල්ල හේතුවෙන් බිලිඳා මිය ගිය බව පරීක්ෂණ කරන කන්කසන්තුරෙයි පොලීසිය පවසයි.
lankadeepa.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article