
යාපනය වලිකාමම් උතුර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ඉන්ධන මිල ඉහළ යාමට විරෝධය පළ කරමින් මල්ලාකම් සිට වලි උතුර ප්‍රාදේශීය සභාව දක්වා පාපැදි ගමන් කරමින් විරෝධතාවයක් සංවිධානය කර තිබුණ බව tamilnews1.com වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
වත්මන් මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් උතුරු ප්‍රාදේශීය සභාවේ සියලුම මන්ත්‍රීවරුන් පාපැදිවලින් ප්‍රාදේශීය සභාව වෙත පා ගමනින් පැමිණ ඇත.
වත්මන් පාලනයට එරෙහිව රටපුරාම දැවැන්ත විරෝධයක් මේ වන විට මතුව එමින් තිබේ.ඊයේ දිනයේ කොළඹදි සමගි ජන බලවේගය විසින් දැවැන්ත විරෝධතා පාගමනක් සංවිධානය කර තිබුණි.
