ඉන්ධන මිල සූත්‍රය මසකට වරක් පමණක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවත්, ඊට අදාළ යෝජනාව සඳුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ සෙනසුරාදා (19) පැවති ඛණිජ තෙල් අලෙවිකරුවන්ගේ සංගමයේ 50 වැනි සංවත්සර උත්සවය අවස්ථාවේදීය.
මින් පෙර මසකට දෙවරක් (01 වනදා හා 15 වනදා) මිල සූත්‍රය ක්‍රියාත්මක වූ බවත්, එහිදී පිරවුම්හල් හිමියන් විසින් මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමට ආසන්න දිනවලදී ඉන්ධන ඇණවුම් කිරීමෙන් වැලකී සිටින බවත්,ඒ හේතුවෙන් ඉන්ධන මිල සූත්‍රය මසකට වරක් පමණක් ක්‍රියාත්මක කිරීමට තීරණය කල බවත් අමාත්‍යවරයා එහිදී සදහන් කර ඇත.