Saturday, October 5, 2024

ඇතිවෙන්න හරි, නැතිවෙන්න හරි ඩඩ්ලි ගත්තු තීන්දුව සහ තවත් හාල් කථා ?

Must read

 

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා අද (28) සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන පැවසු බව news19.lk වෙබ් අඩවිය වාර්තා කර  තිබුණි

තමා අනෙකුත් ව්‍යාපාරිකයන් සමග එක්ව අද සිට සියලුම පාරිභෝගික ජනතාවට පාලන මිලට සහල් ලබාදීමට එකඟත්වය ලබාගෙන තිබෙන බවද එම පුවතේ වැඩිදුරටත් සදහන්ය

ඔහු මෙම අදහස් පල කළේ, පොළොන්නරුව ප්‍රදේශයේදී අද ( 28 ) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

අසාධාරණයට, අයුක්තියට, දූෂණයන්ට, එරෙහිව සටන් කළ පක්ෂයක් වර්තමානයේ බලයට පත්ව ඇති බවත්, අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ යහපත් වැඩපිළිවෙලට තමා සහයෝගය දක්වන බවත්, ලබන ජනවාරි දක්වා පාලන මිලට සහල් ලබාදීමෙන් පාරිභෝගික ජනතාවත්, ගොවියත් රැකගැනීමේ වැඩපිළිවෙළට තමා සහයෝගය දක්වන බවද ඔහු මෙහිදී කියා සිටියා.

ශ්‍රී ලංකාවේ දුප්පතුන් වැඩි පිරිසක් නාඩු සහල් පාරිභෝජනය කරන බවත්, වී සහ සහල් මිල සම්බන්ධව තමාට ඕනෑම අවස්ථාවකට ඕනෑම රජයට විරුද්ධව කතා කිරීමේ අයිතිය තිබෙන බවද සඳහන් කළා.

සම්බා, නාඩු, කිරි සම්බා, වගා කිරීමේ වාසි අවාසී, පිලිබද කතා කළ සිරිසේන මහතා ගොවින්ට කුඹුරෙහි විවිධ වී වර්ග වගා කිරීමට රජය වැඩපිළිවෙළක් සැකසිය යුතු බවද ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කළා.

ඔහු කියා සිටියේ, තමාට ශක්තිය තිබෙන අවසාන කාලයේ රජයට ඇතිවෙන්න හරි, නැතිවෙන්න හරි, උපරිම සහයෝගය ලබාදෙන බවත්, මේ ආර්ථිකය ගොඩනගන්න පාලන මිලට සහල් දීලවත්, ගොවියට සහන දීලවත් නොහැකි බවත්, රටේ ආර්ථිකය ගොඩනගන්න කිසිදු ආණ්ඩුවකට නොහැකි නිසා සියලු දෙනාගේ වගකීම වන්නේ රට ගොඩනැගීමට වත්මන් රජය සමඟ එක්වීම බවයි.

තමා ඉතිරි මැතිවරණය සඳහා ඉදිරිපත් වෙනවද නැත්ද යන්න මාධ්‍යවේදියෙකු ඇසූ දීපු ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කළේ, තමාට මීට පෙර මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට අවස්ථා තිබූ තිබුණද එවැනි අවස්ථාවල ඉදිරිපත් නොවු බවත් තමා ඉදිරිපත් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ නම්, පොළොන්නරුව දිස්ත්‍රික්කේ ඕනෑම අයෙකු තමා වෙනුවෙන් මනාපයක් ලබා දීමට ඉදිරිපත් වන බවයි.

මහ මැතිවරණය සඳහා තරග වැදීමට තමාට හීනයකින් නොමැති බවද ඔහු කියා සිටියා.

මේ අතර, මහා පරිමාණ සහල් නිෂ්පාදක ඩඩ්ලි සිරිසේනගේ ප්‍රකාශයට එකඟ නොවන බවත් පාලන මිලට සහල් අලෙවි කළ නොහැකි බවත් මරඳගහමුල සමස්ත ලංකා මධ්‍ය හා කුඩා පරිමාණ සහල් වෙළෙඳුන්ගේ සංගමය ඊයේ මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

ඩඩ්ලි සිරිසේන මහතාගේ ප්‍රකාශය අනුව කටයුතු කළහොත් සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සහ සහල් ව්‍යාපාරිකයන් දැඩි අසීරුතාවයකට පත්වන බව මරඳගහමුල සහල් ව්‍යාපාරික සංගමයේ සභාපති බී.කේ.රංජිත් මහතා පැවසීය.

දැනට වී මිල රුපියල් 130 ත් 132 ත් අතර පවතින බවත්, අධික පාඩු ලබමින් පාලන මිලට සහල් අලෙවි කිරීමට නොහැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

ගොවීන් අධික පොලියට පුද්ගලික ණය දෙන්නන්ගෙන් ණය ලබාගෙන ඇති බවත්, එම ණය පියවීමට මාර්ගයක් නොමැතිව ගොවීන් අසරණ වන බවත් ඔහු පැවසීය.

සමස්ථ ලංකා මධ්‍ය හා කුඩා පරිමාණ සහල් වෙළෙන්දන්ගේ සංගමයේ සභාපතිවරයා රජයෙන් ඉල්ලා සිටියේ ඒ සඳහා ක්‍රියා කරන ලෙසයි.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article