Sunday, September 22, 2024

ආදරය අහිමිවූවන්ගේ වැලන්ටයින් දිනයක් කොළඹදී

Must read

(11.30 am ) පෙබරවාරි 14 දිනට යෙදී තිබෙන ආදරවන්තයන්ගේ දිනය හෙවත් වැලන්ටයින් දිනය අතුරුදහන් වුවන් වෙනුවෙන්  සැමරීමට දිවයිනේ ප්‍රමුඛතම මානව හිමිකම් සංවිධානයක් විසින් කටයුතු සංවිධානය කර ඇත.

“අතුරුදහන් කල ආදරය” හෙවත් Missing Lovers Day ලෙස එය එදින සවස 5 ට  පැවත්වෙන්නෙ, කොළඹ ලෝක වෙළද මධ්‍යස්ථානය ඉදිරිපිට පිහිටි  ලන්දේසි රෝහල අබියසදීය.

තම ආදරවන්ත සැමියන් අතුරුදහන් වූ බිරින්දැවරු  125ක් පමණ එදිනට දකුණ සහ නැගෙනහිර නියෝජනය කරමින් සහභාගි වන බව අතුරුදහන්වුවන්ගේ දෙමාපිය එකමුතුව පවසයි.

වැලන්ටයින් දිනය සමරන නව පරම්පරාවට අතුරුදහන් වීම් ගැන පනිවිඩයක් නවමු ආකාරයකින් ලබා දීමට දරන එම උත්සාහයට  සමග එක්කාසු වන ලෙස එම සංවිධානය සියලු දෙනාගෙන් ඉල්ලා සිටි.

ප්‍රවීන ගායක ජයතිලක බන්ඩාර සහ  අජිත් කුමාරසිරි  එහිදී ගායනයෙන් සහාය දැක්වීමට නියමිතය.

“ආදරය සංකේතාත්මකව ප්‍රකාශ කරන්න, බිරින්දෑවරු, තම ආදරවන්තයා හෝ ආදරවන්තියත් කැදවාගෙන එන්න, ආදරය අහිමිවූ අයට ඇහුම්කන් දෙන්නත් එක්ක. තනියම හරි එන්න බලන්න. ඇවිල්ල, සහයක් දක්වන්න,” යි සංවිධායකයෝ ඉල්ලා සිටිති.

උපුටා ගැනීම – www.radiogagana.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article