Friday, September 20, 2024

අසභ්‍ය ෆේස්බුක් පිටුවක් පවත්වාගෙන ගිය පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

Must read

මව්වරුන්ට අගෞරව වන ආකාරයෙන් “අම්මලට ආස කොල්ලෝ” යන නමින් ෆේස්බුක් පිටුවක් පවත්වාගෙන ⁣ගිය පොලිස් කොස්තාපල්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අසභ්‍ය පිටුව සම්බන්දයෙන් ෆේස්බුක් පරිශීලකයන් විරෝධය පල කිරීම ආරම්භ වීමත් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  සමාජ මාධ්‍ය සම්බනද අපරාධ අංශය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 27ක් වු කොස්තාපල්වරයෙකි.

 

මෙම කොස්තාපල්වවරයා ගම්පහ පොලිස් මූස්ථානයට අනුයුක්තව සේවය කරන නිලධාරියෙකු බව හෙලිවී ඇත.

එමෙන්ම එම පිටුවේ සාමාජිකත්වය ලබාගෙන සිටි ෆේස්බුක් පරිශීලකයන් 600 දෙනෙකු පමණද මේ වන විට හදුනාගෙන තිබේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article