Thursday, November 28, 2024

අපොස සාමාන්‍ය පෙළ ගණිතය ප්‍රශ්ණපත්‍ර අඩුවෙන් ලැබීමෙන් සිසුන් අපහසුතාවයට

Must read

අපොස සාමාන්‍ය පෙළ විභායගේ ඊයේ (09) දිනයේ පැවති ගණිතය අංක දෙක ප්‍රශ්න පත්‍රය බණ්ඩාරවෙල මධ්‍ය මහ විද්‍යාලයේ පැවති විභාග ශාලාවක් වෙත අඩුවෙන් ලැබී තිබීම හේතුවෙන් විභාගයට පැමිණ සිටි සිසුන්ට පැය එක හමාරකට වැඩි කාලයක් විභාග මධ්‍යස්ථානයේ රැඳී සිටීමට සිදුවී තිබේ.

බණ්ඩාරවෙල මධ්‍ය මහ විද්‍යාලයේ පැවැති විභාග මධ්‍යස්ථානයේ ක්‍රියාත්මක වූ විභාග ශාලා පහ අතරින් එක් විභාග ශාලාවක් සදහා මෙලෙස ප්‍රශ්ණ පත්‍ර අඩුවෙන් ලැබී ඇත.

පසුව එම ශාලාවේ සිටි සිසු සිසුවියන්ට  පිටතට පැමිණිමට ඉඩ නොදී කන්දකැටිය ප්‍රදේශයේ පාසලකට වැඩිවී තිබූ ප්‍රශ්න පත්‍ර රැගෙනවිත් එම සිසු සිසුවියන්ට බෙදාදීම සිදුකිරීමට කටයුතු කර තිබේ.

කෙසේ වෙතත් ඒ හේතුවෙන් අනෙකුත් සිසුන්ට වඩා පැය කිහිපයක් විභාග ශාලා තුල රැදී සිටින්නටත් අනෙකුත් සිසුන් ප්‍රශ්ණ පත්‍රයට පිලිතුරු ලියා පැය එකහමාරක් පමණ ගතවූ පසු තමන්ගේ ප්‍රශ්ණ පත්‍රයට පිලිතුරු ලියන්නටත් එම සිසුන්ට සිදුව තිබේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article