මෙවර සිංහල හා හින්දු අළුත් අවුරුද්ද සති අන්තයට යෙදී ඇති බැවින් අප්‍රේල් 11,12 හා 15 යන දිනයන් රජයේ නිවාඩු දිනයන් ලෙස ප්‍රකාශයට පත්කරන්න යැයි අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් පාලන ඇමැති වජිර අබේවර්ධන මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කල යෝජනාව ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා වෙයි.
මෙම යෝජනාවට ජනාධිපතිතුමන්,ඇමති පාඨලී චම්පික රණවක,ඇමති රාජිත සේනාරත්න මහතා ඇතුළු ඇමතිවරුන් බොහෝ පිරිසක් දැඩි විරෝධය පල කර ඇතැයිද වාර්තා වෙයි.
මිලියන 16ක් පමණ වන රජයේ සේවකයන්ට දින 2ක් නිවාඩු දුනහොත් රජයේ කටයුතු සිදුකරන්නේ කෙසේදැයි විමසමින් අප්‍රේල් 15වනදා පමණක්නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.