Friday, September 20, 2024

අනුරාධපුර පුද බිමෙන් දේශීය සුනඛ පැටවුන් නොමිලේ!

Must read

 

අනුරාධපුර, පූජා නගරය හා ඒ ආශ්‍රිතව දිවි ගෙවන නිවාස අහිමි දේශීය සුනඛ පැටවුන් ගෙවැද්දීමට සුදුසු තත්වයට පත්කොට සුදුසු නව හාම්පුතුන් වෙත නොමිලේ ලබා දීමේ වැඩසටහනක් අනුරාධපුර සුනඛ මිතුරු සංසදය ආරම්භ කොට තිබේ.
අනුරාධපුර නගරාධිපති එච්.පී. සෝමදාස මහතාගේ අනුග්‍රහය යටතේ සිදු කෙරෙන මෙම වැඩසටහන මගින් එම සුනඛ පැටවුන් හට ජල භීතිකා, DHL සහ පාවෝ එන්නත් ලබා දෙන අතර එසේ භාර දෙනු ලබන ගැහැණු සතුන් භාරදීමට පෙර වන්ධ්‍යාකරණ සැත්කම් සඳහා ද යොමු කරනු ලැබේ. එමෙන්ම දීමට පෙර සෑම සතකුගේම එම විස්තර අඩංගු පොතක් ද ප්‍රදානය කරනු ඇත.

“අනුරාධපුර පූජා නගරයට ගෙනවුත් දමන සුනඛ පැටවුන්ගෙන් වැඩි කොටස මන්ද පෝෂණයෙන් සහ හදිසි අනතුරු වලින් අකල් මරණවලට ලක් වෙනවා. ඊට හේතුව මෙහි භූමියට සාපේක්ෂව නිවාස අඩු වීම සහ රථ වාහන බහුල වීමයි. එසේම පූජා නගරයේ මන්ද පෝෂණයෙන් ඔත්පල වන සුනඛ පැටවුන් කපුටු ප්‍රහාර වලට ලක් වී වේදනාත්මක අයුරින් මරණයට පත් වෙනවා. දැන් අප භාරයේ හිඳින්නේ එම ඛේදවාචකයට ලක් නොවී දිවි ගලවා ගත් වාසනාවන්ත සුනඛ පැටවුන් පිරිසකුයි”. අනුරාධපුර සුනඛ මිතුරු සංසදයේ සභාපති නීතිඥ හේරත් බණ්ඩා රත්නායක මහතා එසේ කියයි. ඒ අනුව ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටිනුයේ මෙම තත්වය වටහා ගෙන හෝ එලෙස සුනඛ පැටවුන් ගෙනවුත් දැමීමෙන් වලකින ලෙසයි.

අද වන විට විදේශීය සුනඛ පැටවුන්ට වඩා දේශීය සුනඛ පැටවුන් ඇති කිරීමේ නැඹුරුවක් බොහෝ දෙනා තුළ පවතිනවා. ඒ හැරුණු කොට පූජා භූමියේ අසරණ වුනු සුනඛ පැටවුන්ට අභය දානය දීමක් ලෙසත් සමහරුන් මොවුන් බාර ගැනීමට කැමැත්තෙන් සිටිනවා. ඊට අමතරව පැරණි පුදබිම් වලින් සුනඛ පැටවුන් ගෙනගොස් ඇති කිරීමේදී එම නිවාස, දේපොළ වලට බහිරව ආරක්ෂාව ලැබෙන බවට පවතින පැරණි ජන විස්වාසය මුල්කොට ගෙනත් සමහරුන් මේ සඳහා පෙළඹෙනවා.

ඒ සියලු දෙනාට 0761493702 අංකය ඇමතීමෙන් දැනට අප සංසදය භාරයේ සිටින සුනඛ පැටවකු නොමිලේම ලබා ගන්න පුළුවන්.නීතිඥ රත්නායක මහතා කියයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article