ජනාධිපතිවරණය වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඡන්ද රාජකාරිවල නිරතවීමට අපේක්ෂා කරන රාජ්‍ය සේවකයන් විසින් ඉදිරිපත් කර තිබෙන තැපැල් ඡන්ද අයදුම්පත් අතරින් අයදුම්පත් 6000 කට ආසන්න ප්‍රමාණයක්ම ප්‍රතික්ෂේප කර ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.වන්නිනායක මහතා පවසයි. එම දිස්ත්‍රික්කයේ මුළු තැපැල් ඡන්ද සංඛ්‍යාව 53,000කි. තැපැල් ඡන්ද අයදුම්පත සකස් කිරීමේදී සිදුව ඇති අඩුපාඩු හේතුවෙන් මෙම අයදුම්පත් ප්‍රතික්ෂේප කිරිමට සිදුව ඇතැයි දිස්ත්‍රික් ලේකම්වරයා කීය.

තැපැල් ඡන්ද සළකුණු කිරිම මේ මස 31 දින හා ලබන මස 1 දින සිදුකිරීමට නියමිතය.