Friday, September 20, 2024

අධිබල යතුරු පැදි ලියාපදිංචියේදී ලක්ෂ 8 ක අධිභාරයක්

Must read

එන්ජින් ධාරිතාව සීසී 450 ත් 1001 ත් අතර යතුරු පැදි ලියාපදිංචි කිරීමේදී ආරක්ෂක අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය නිර්දේශ ලබා ගැනීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 8 ක අධි භාරයක් පැනවීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය රජයට යෝජනා කර ඇත.මේ සම්බන්දයෙන් අනුමැතිය ඉල්ලමින් වන යොජ්නාවක් ප්‍රවාහන සේවා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇතැයිද වාර්ථා වෙයි.

2014 වසරේදී නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනයකට අනුව මෙරට ධාවනය කරන යතුරුපැදි වල එන්ජින් ධාරිතාව සීසී 1000 නොඉක්මවිය යුතු බවට නිවේදනයක් නිකුත් වූ අතර ඒ අනුව එන්ජින් ධාරිතාව සීසී 1000 දක්වා යතුරුපැදි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ලියාපදිංචි කරනු ලැබ ඇත. නමුත් එවකට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හේතුවෙන් එම ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නොහැකි  වී ඇත.

පසුව 2016 වසරේදී එන්ජින් ධාරිතාව සීසී 450 ට වැඩි යතුරු පැදි ලියාපදිංචි කිරීම අත් හිටුවන ලෙස කැබිනට් මණ්ඩය විසින් තීරණයක් ගනු ලැබිණි.  මෙම තත්වය හමුවේ අපහසුතාවයට පත්ව ඇති, මෙරටට ගෙන්වාඇති නමුත් ලියාපදිංචි නොකළ සීසී 450 ත් 1000ත් අතර යතුරු පැදි අයිතිකරුවන් දැඩි අර්බුදයකට ලක්ව ඇති බැවින් අධි භාරයක් පනවා ඒවා ලියාපදිංචි කිරීමට අවසර දෙන්නැයි ඇමැතිවරයා රජයෙන් ඉල්ලීමක් කර ඇත

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article