Saturday, September 21, 2024

අධිකරණ නියෝගය නොතකා පවත්වාගෙන යන  මත්පැන් හලකට ජනතා විරෝධය

Must read

අද (2022.09.30) උසාවි නියෝගයට එරෙහිව නව තැබෑරුමක් ඉදිකිරීමට එරෙහිව පෙරිය පරන්තන් ප්‍රදේශයේ ජනතාව සහ ප්‍රාදේශීය සංවිධාන විරෝධතාවයක නිරත වේ.

කිලිනොච්චි හින්දු විද්‍යාලය, කිලිනොච්චි ශාන්ත තෙරේසා බාලිකා විද්‍යාලය, විද්‍යා ආයතනය ඇතුළු අධ්‍යාපන ආයතන අධිකරණ නියෝගය නොතකා නව තැබෑරුම ආරම්භ කරන ස්ථානය ආසන්නයේ පිහිටා ඇත. පෙරිය පරන්තන් ගම්මානයේ පවුල් 500කට වැඩි ප්‍රමාණයක්‌ ජීවත්වේ.  ඔවුන්ගෙන් බහුතරයක් දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වන පවුල් වේ. එබැවින් තම ප්‍රදේශයේ අලුතින් සුරාසැලක් පිහිටුවීමෙන් ආර්ථික හා සංස්කෘතික වශයෙන් විශාල බලපෑමක් සිදුවනු ඇත.එබැවින් එම මත්පැන් හල සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ගේ සමස්ත හැගීම සලකා බලා ඒ සඳහා ලබාදී ඇති අවසරය අවලංගු කරන ලෙස බලකරමින් ජනතාව විරෝධතාවක් ආරම්භ කර තිබේ.

පී.පරමශිවම්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article