Sunday, May 19, 2024

‘මඩකලපුව දිස්ත්‍රික්කයේ සිසුන්ගෙන් 50%ක් මන්දපෝෂනයෙන් පෙළෙනවා ‘ – ප්‍රා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක පවසයි

Must read

මඩකලපුව දිස්ත්‍රික්කයේ  සිසුන්ගේ පෝෂණ මට්ටම භයානක මට්ටමකට පැමිණ තිබේ. එය පාලනය නොකළහොත් දැවැන්ත ප්රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇත. _දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍යර්, ජී. සුගුණන්

දිස්ත්‍රික් මට්ටමින් පසුගාමී දිස්ත්‍රික් පාසල් සිසුන්ගේ පෝෂණය සම්බන්ධ විභාගයක්  අප දෙපාර්තමේන්තුව පවත්වන විට සිසුන්ගෙන් 50% කට වැඩි පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙමින් පාසලට පැමිණි බව සොයාගත්තා. මෙය භයානක තත්ත්වයකි. ඉක්මනින් විසදුම නොලැබුණහොත් සිසුන්ගේ ඉගෙනුම් කටයුතුවලට බලපෑම් එල්ල වී ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩු වී බෝවන රෝගවලට ගොදුරු වීමට ඉඩ ඇත. එබැවින් විශාල බලපෑමක් ඇතිවීමට පෙර මෙය පාලනය කිරීමට කඩිනමින් පියවර ගත යුතුයි. ආහාර තොග සුරක්ෂිතතාව සහ ආහාර සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික  පුනර්ජීවන පෝෂණ මධ්‍යස්ථාන ශක්තිමත් කිරීමේ බහුආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය පිළිබඳ  දිස්ත්‍රික් මට්ටමේ පළමු රැස්වීම ඊයේ පස්වරුවේ  මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි එහිදී ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජී. සුගුණන් මෙසේ අදහස් දැක්වීය.

දිස්ත්‍රික්  ලේකම් කාර්යාලයේ  ප්‍රධානීන් , ප්‍රාදේශීය ලේකම්වරු සහ දිස්ත්‍රික් කෘෂිකර්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සුබසාධන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්, හමුදා උසස් නිලධාරීන් සහ සිවිල් සමාජ නියෝජිත අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් මෙම අවස්සථාවට සහභාගි වූහ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article