Thursday, September 19, 2024

අතු­රු­දන් වූවන්ගේ දිනය සම­රන්න ගිය පෙළ­පා­ළි­යට තහ­නම් නියෝ­ග­යක්

Must read

ජාත්‍ය­න්තර අතු­රු­දන් වූවන්ගේ දිනය සම­ර­මින් ඊයේ (30) කට­වුට් හා බැනර් ප්‍රද­ර්ශ­නය කර­මින් පැවැ­ත්වී­මට සංවි­ධා­නය කළ පෙළ­පා­ළි­යක් තහ­නම් කළ ත්‍රිකු­ණා­ම­ලය ප්‍රධාන මහේ­ස්ත්‍රාත් ඊ. පායාස් රසාක් මහතා, එය සංවි­ධා­නය කළ ත්‍රිකු­ණා­ම­ලය පද­විය භාර රද­ගුරු ක්‍රිස්ටි­යන් නොයෙල් එම්මා­නු­වෙල් හිමි­පා­ණන් ඇතුළු අට දෙනෙ­කුට එය සංවි­ධා­නය කිරීම වළ­ක්වා­ල­මින් අතුරු තහ­නම් නියෝ­ග­යක් නිකුත් කළේය.

ත්‍රිකු­ණා­ම­ලය මූල­ස්ථාන පොලි­සිය ඒ වාර්තා­වක් ඉදි­රි­පත් කර­මින් පැව­සුවේ මෙම පෙළ­පා­ළිය පැවැ­ත්වීම තුළින් ජාතීන් අතර නොස­න්සු­න්තා­වක් ඇති­වන බවත් මහ­ජ­න­තා­වට හා දේපො­ළ­ව­ලට හානි සිදු­විය හැකි බවත්ය.

ඒ අනුව 1979 අංක 15 දරන අප­රාධ නඩු විධාන සංග්‍ර­හය 106(1) වග­න්තිය ප්‍රකා­රව මේ සඳහා සුදුසු නියෝ­ග­යක් නිකුත් කරන ලෙස පොලි­සිය කළ ඉල්ලී­මක් සලකා මහේ­ස්ත්‍රා­ත්ව­රයා මෙම අතුරු තහ­නම් නියෝ­ගය නිකුත් කළේය.

මෙහි වග­උ­ත්ත­ර­ක­රු­වන් ලෙස ත්‍රිකු­ණා­ම­ලය රද­ගුරු ක්‍රිස්ටි­යෙන් නොයෙල් එම්මා­නු­වෙල් හිමි­පා­ණන්, ත්‍රිකු­ණා­ම­ලය කාන්තා ජාලයේ සභා­පති නීතිඥ මයු­රන් ප්‍රශා­න්තිනී, ත්‍රිකු­ණා­ම­ලය බල­හ­ත්කා­ර­යෙන් අතු­රු­දන් කර­වූ­වන්ගේ ඥාතීන්ගේ සංග­මයේ සභා­ප­තිනි සෙබ­ස්ති­යන් දේවි, මඩ­ක­ල­පුව බල­හ­ත්කා­ර­යෙන් අතු­රු­දන් කර­වූ­වන්ගේ ඥාතීන්ගේ සංග­මයේ සභා­ප­තිනි අමිල නායගි, අම්පාර බල­හ­ත්කා­ර­යෙන් අතු­රු­දන් කර­වූ­වන්ගේ සංග­මයේ සභා­ප­තිනි ජී. සෙල්ව­රාණි, අහම් මානු­ෂීය සම්පත් මධ්‍ය­ස්ථා­නයේ සභා­පති කණ්ඩු­මනී ලව­කු­ස­රාජා, මාධ්‍ය­වේදී කාර්තික් හය­දී­පන් හා රාම­නා­දන් ශ්‍රී ඥානේ­ස්ව­රන් නොහොත් කන්නන් පොලි­සිය නම් කර තිබුණි.

අදාළ අධි­ක­රණ නියෝ­ගයේ පිට­පත් වග­උ­ත්ත­ර­ක­රු­වන් වෙත පෙර­දින රාත්‍රී භාර දීමට පොලි­සිය කට­යුතු කර තිබුණි. මේ අතර පෙළ­පා­ළිය සඳහා ත්‍රිකු­ණා­ම­ලය මඩ­ක­ල­පුව, අම්පාර දිස්ත්‍රි­ක්ව­ලින් පැමිණි පිරිස් පෙළ­පාළි පව­ත්වනු වෙනු­වට ත්‍රිකු­ණා­ම­ලය මුහුදු වෙරළේ සිට විරෝ­ධ­තා­ව­යක් පැවැ­ත්වී­මට කට­යුතු කරනු ලැබීය. බල­හ­ත්කා­ර­යෙන් අතු­රු­දන් කර වූවන්ගේ සංවි­ධාන මෙය සංවි­ධා­නය කර තිබුණි.

ත්‍රිකු­ණා­ම­ලය විශේෂ ඒ.ටී.එම්. ගුණා­නන්ද

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article