කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ වෘත්තිය සමිති නායකයෙකු හට මුහුණ දිමට සිදුව ඇති අසාධාරණයක් පිලිබදව වෘත්තිය සමිති ක්‍රියාකාරින් විසින් අගමැති මහින්ද රාජපක්ෂ දැනුවත් කිරිමෙන් පසු ඒසේ ආසාධාරණයට ලක්වු වෘත්තිය සමිති නායකයාට වහාම යුක්තිය ඉටුකිරිමට පියවර ගන්නා ලෙස නියෝග දි තිබුණද ඒ නියෝග ක්‍රියාත්මක නොකළ බලධාරියෙකු ගැන ගුවන් තොටුපල වෘත්තිය සමිති ක්‍රියාකාරිහු පවසති.
අදාල වෘත්තිය සමිති නායකයා ශ්‍රිලනිප ක්රියාකාරිකයෙකි.
කෙසේ වෙතත් මේ සිදුවිමෙන් පවා පෙනි යන්නේ පොහොට්ටුව තුල මතුව එමින් ඇති අර්බුදයයි.අගැමතිගේ නියෝගය ක්‍රියාත්මක නොකරන අදාල බලධාරියා තවත් රාජපක්ෂවරයෙකුගේ නියෝජිතයෙකු විය හැකි බව වෘත්තිය සමිති ක්‍රියාකාරිහු පෙන්වා දෙති.
කෙසේ වෙතත් අදාල වෘත්තිය සමිති නායකයාට යුක්තිය ඉටු නොවන්නේ නම් වෘත්තිය ක්‍රියාමාර්ගවලට පිවිසිමට පවා ඉඩඇතැයි ගුවන්තොටුප වෘත්තිය සමිති ආරංචි මාර්ග දක්වා සිටි.
අගමැති මහින්දගේ උපදෙස් පිළිනොගන්නා කටුනායක ගුවන්තොටේ ලොක්කා කව්ද ?
