එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැති ධුරය යටතේ ජාතික රජය අඛණ්ඩව පවත්වාගෙන යැමට ආණ්ඩුව තීරණය කර ඇතැයි වාර්ථා වෙයි. නමුත් ඉදිරියේදී කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුවනු ඇති.
සභානායක උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට අනුව එලඹෙන අඟහරුවාදා (20දා) ජාතික රජයේ කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට නියමිත අතර එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර පවතින අවබෝධතා ගිවිසුම අනුව සිදු කෙරෙනු ඇති. මෙම කැබිනට් සංශෝධනය ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ පූර්ණ අධීක්ෂණය මත සිදු කෙරෙන අතර ශ්රීලනිපය හා එජාපය බෙදා වෙන් කරගෙන තිබූ අමාත්‍යාංශවල විෂය පථයන් සුළු වශයෙන් වෙනස් වනු ඇතැයිද ඇමැතිවරයා සදහන් කර ඇත.