අක්මීමන උපනන්ද කණිෂ්ඨ විද්‍යාලයේ එක් දොරටුවකින් බලහත්කාරයෙන් පාසල තුලට ඇතුලුවීමට උත්සහ කල පුද්ගලයෙකු එම දොරටුවේ රාජකාරී වල නිරතව සිටි හමුදා නිලධාරියෙකුගේ වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම පුද්ගලයා පාසලේ දරුවෙකුගේ පියෙකු යැයි පවසා තමන්ගේ දරුවා රෝගී වී ඇති බවට පාසලෙන් ලැබුණු දුරකථන ඇමතුමකට තමන් පාසල වෙත පැමිණි ඇති බව පවසා ඇති අතර එහිදී මෙම පුද්ගලයා පරික්ෂා කිරීම සදහා හමුදා නිලධාරියා උත්සහ කිරීමේදී එම නිලධාරියාගේ ගිනි අවිය උදුරා ගැනීමට උත්සහ දරා ඇති බව වාර්තා වෙයි. එම අවස්ථාවේදී යුධ හමුදා නිලධාරියා විසින් මෙම පුද්ගලයාට වෙඩි තබා ඇති අතර තුවාල ලැබූ පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ 39 හැවිරිදි පුද්ගයෙකු වන අතර මේ සිදුවීම සම්බන්දයෙන් අක්මීමන පොලීසිය පරීක්ෂණ පවත්වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. සිදුවීම සම්බන්දයෙන් යුධ හමුදා නිලධාරියාද මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.