Sunday, July 7, 2024

UNCOVER’ ඡායාරූප ප්‍රදර්ශනය 

Must read

ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් ප්‍රමාණවත් ලෙස ආවරණය නොකෙරුණු ගැටළු මතුකර ගැනීමේ අරමුණින් සංවිධානය කරන ලද දින පහක ඡායාරූප ප්‍රදර්ශනයක් අද සිට කොළඹ ලයනල් වෙන්ඞ්ට් කලා මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

“UNCOVER ප්‍රදර්ශනය මගින් ආගමික නිදහසට හෝ ඇදහිල්ලේ නිදහසට ගොදුරු වූවන්ගේ සැබෑ ජීවිතයේ අරගල සහ සැඟවුණු කතාන්දර, ඉඩම් කොල්ලකෑම් සහ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සහ උඩරට දෙමළ ප්‍රජාවගේ ගැටලු හෙළිදරව් කරනු ඇත” යනුවෙන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි එවැන්ජලිකල් සන්ධාන පවසයි.

පොළේ දෙවැනි දිනයේ උතුරු නැගෙනහිර ඉඩම් කොල්ලය පිළිබඳව චිත්‍රපට නිෂ්පාදක සහ මාධ්‍යවේදී ශ්‍රීධරන් සෝමේදරන් විසින් නිර්මාණය කරන ලද ‘මව්බිම’ වාර්තා චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරේ. අවසන් දිනය වන ජූලි 8 වැනිදා කඳුකරයේ දෙමළ ජනතාවට සාධාරණය ඉටුකිරීම පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වෙනවා.

ජූලි 5 සහ 8 යන දෙදින තුළ පැවැත්වෙන විශේෂ සැසිවාරය පස්වරු 3.30 ට ආරම්භ වේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article