Tuesday, January 7, 2025

Uber, pickme ඇතුළු ආහාර බෙදාහරින්නන්ට කොළම මහනගර සභාවෙන් මාර්ගෝපදේශයක්

Must read

කොළඹ නගර සීමාව තුල දිනෙන් දින වැඩිවන ආහාර බෙදාහරින්නන් සදහා මාර්ගෝපදේශයක් සැකසීමට කොළඹ මහනගර සභාව කටයුතු කර ඇත.

කොළඹ මහනගර සභාවේ නගරාධිපති රෝසි සේනානායක මහත්මියගේ මගපෙන්වීම හා ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතාගේ උපදෙස් අනුව කොළඹ මහනගර සභා සෞඛ්‍ය අංශය විසින් මෙම මාර්ගෝපදේශයන් ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත.

නගර ආහාර සුරක්‍ෂිතතා සහ සනීපාරක්ෂක ප්‍රවර්ධන ඒකකයේ වෛද්‍ය සුබාෂ් මෙන්ඩිස් මහතා පවසන්නේ අතීතයේදී නගරයේ පැවැති අවන්හල් කිහිපයක් සිය පාරිභෝගිකයන් වෙත ආහාර බෙදා හැරීම සිදුකල නමුත් වර්ථමානය වන විට Uber eats සහ pickme යන ආයතන විසින් ආහාර බෙදාහැරීම ආරම්භ කිරීමත් ඉතා වේගයෙන් නව ආහාර බෙදාහරිනන්න්ගේ ප්‍රමාණය වැඩිවෙමින් පවතින බවයි. මේ වන විට කොළඹ හා අවට ප්‍රදේශවල Uber eats සදහා ආහාර බෙදාහරින්නන් 4000ක් පමණද, pickme සදහා කොළඹ නගර සීමාව තුල ආහාර බෙදාහරින්නන් 400ක් පමණද වෙනත් ආයතන වල ආහාර බෙදාහරින්නන් 400- 500ත් අතර ප්‍රමාණයක් සිටින බව  වෛද්‍ය සුබාෂ් මෙන්ඩිස් මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

මෙම සියලුම ආහාර බෙදා හරින්නන් නියමිත සෞඛ්‍යආරක්ෂිත ක්‍රමවේදයන් අනිවාර්යයෙන් අනුගමනය කල යුතු බවත් එය ඔවුන්ගේ ප්‍රමුඛතම වගකීම බවත් පවසන් වෛද්‍ය සුබාෂ් මෙන්ඩිස් මහතාට අනුව මේ වන විට Uber විසින් මෙම මාර්ගෝපදේශයන් සදහා සිය කැමැත්ත පල කර ඇති අතර මින් පෙර එම ආයතනය විසින් මාර්ගෝපදේශයක අවශ්‍යතාවය සම්බන්දයෙන් සකච්ඡා කර ඇත.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article