( 12.30 pm ) ඉදිරි කාලයේ ජාතික ජන බලවේගයටත්, ප්රගතිශීලී ජන සමාජයටත් එරෙහිව සතුරු දේශපාලන ප්රතිවිරෝධය සංවිධානය වීමට නියමිතව ඇත්තේ ඊනියා ව්‍යවසායක-ජාතිවාදී බලඇණියක් විසිනි.
එකී මෙහෙයුම උපන්ගෙයිම නියපොත්තෙන් කඩා දැමීම ආණ්ඩුවේ හා ප්රගතිශීලී ජන සමාජයේ අතිමූලිකම කාර්යයකි.
ඒ වෙනුවට සිදුවී ඇත්තේ එකී ව්‍යවසායක-ජාතිවාදී නඩයේ උගුලකට ජාජබ ආණ්ඩුව උපන්ගෙයිම හසුවීමකි. දැවැන්ත මතවාදී-මාධ්‍ය මෙහෙයුමකින් මෙම විසකුරු සිරස් චප්ප කර දමනු වෙනුවට ආණ්ඩුවේ අවසිහිය විසින් කර ඇත්තේ සර්පයන් රෙද්ද අස්සේ දමා ගැනීමකි.
සිදුවී ඇති මුග්ධ පියවර ආපස්සට හැරවීමට ඇත්තේ එකම එක තෝරාගැනීමක් පමණී.
එනම් ප්‍රති-ත්‍රස්ත පනත ඉතාම ඉක්මනින් අහෝසිකර දැමීමයි. සහ එය සිදුකරන බවට අද හෙටම සහතික වීමයි.
ඒ සදහා ඇත්ත උවමනාවක් ආණ්ඩුවේ බලධරයට ඇත්නම් මේ සිදුවී ඇති වරද විසින් ඊට වාසිදායක පසුබිමක් ද නිර්මාණය කර දී ඇත.
ආණ්ඩුවට එරෙහිව ජනතා හැගීම් හා ආවේදනයන් සංවිධානය කිරීමට ජාතිවාදය-ආගම්වාදය සතු ‘ප්‍රමෝද සාධකය’ (Enjoyment Factor) ඉතාම තීරණාත්මක. එය මානසික-ලුබ්ධිමය තර්කණයක් ලෙස ප්රබලය.
ඊට එරෙහිව මතවාදී-මානසික න්‍යායපත්‍රයක් පෙරට ගැනීමට මේ සිදුවීමෙන් ප්‍රකට කළ අවස්ථාව හැර තවත් අමුතු හරි බර මොහොතක් හෙට උදාවන්නේ නැත.
ආරම්භයක් ලෙස PTA වහාම අහෝසි කර, පොදු ජන සමාජයට මහ දවාලක් ලෙස පෙනෙන පරිදි විමසිල්ලේ දැඩි ආලෝක කිරණ දිලිත්-විමල්-රෙනෝ කල්ලියේ වේදිකාව මතට එල්ල කළ යුතුව ඇත.
( විදර්ශණ කන්නන්ගරගේ ෆේස්බුක් පිටුවෙනි )