Saturday, March 7, 2026

PTA පනත අවලංගු කළ යුතු බවට පුදුකුඩිරිප්පු ප්‍රා.සභාවේ යෝජනාවක් සම්මත වේ

Must read

පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය සභාවේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සම්පූර්ණයෙන්ම අවලංගු කළ යුතු බවටත්, අලුතින් යෝජිත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PSTA) රජය විසින් ක්‍රියාත්මක නොකළ යුතු බවටත් යෝජනාවක් සම්මත වී තිබේ.

පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය සභාවේ මාසික සැසිවාරය පසුගිය  (19) ප්‍රාදේශීය සභාවේ සභාපතිත්වය යටතේ පැවැත්විණි.

මෙම අවස්ථාවේදී, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්පූර්ණයෙන්ම අවලංගු කළ යුතු බවත්, අලුතින් යෝජිත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත රජය විසින් ක්‍රියාත්මක නොකළ යුතු බවත් පවසමින් සභා මන්ත්‍රීවරුන් වන සිවපාතම් කුගනේසන් සහ කුමාරවේලු අකිලන් විසින් සභාවට යෝජනාවක් ඉදිරිපත් කරන ලදී.

යෝජනාව සියලු සාමාජිකයින්ගේ සහාය ඇතිව යෝජනාව සම්මත විය.

මන්ත්‍රීවරුන් 21 දෙනෙකුගෙන් යුත් පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය සභාවේ සාමාජිකයින් තිදෙනෙකු අද රැස්වීමට සහභාගී නොවීය. සහභාගී වූ සාමාජිකයින් 18 දෙනාගෙන් ජාතික මහජන බල පක්ෂයේ සාමාජිකයින් හතර දෙනෙකු ඡන්දයට සහභාගී නොවූ අතර, ඉතිරි සාමාජිකයින් 14 දෙනා යෝජනාවට පක්ෂව ඡන්දය දී යෝජනාව සම්මත කළහ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article