Monday, November 25, 2024

PTA අහෝසි කරන ලෙස ඉල්ලා රටවටා යන මහජන පෙත්සම අද අනුරපුරට…

Must read

ත්‍රස්තවාදය වැලැක්විමේ පණතේ වැඩිම පිඩාවට පත්වු උතුරේ නැගෙනහිර ජනයාගේ දේශපාලකයන් විසින්ම ත්‍රස්තවාදය වැලැක්විමේ පණත අහෝසි කරන ලෙස ඉල්ලා රට වටා අත්සන් කරමින් යන මහජන පෙත්සම අද අනුරාධපුර නගරයට පැමිණ තිබේ.

මේ දිනවල දකුණේ වාමාංශිකයන් ඇතුළු ප්‍රගතිශිලි කොටස් වල ප්‍රධානතම සටන් පාඨය වි තිබෙන ත්‍රස්තවාදය වැලැක්විමේ පණත අහෝසි කරන ලෙස ඉල්ලා මිට වසර 35 කට ඉහතදි උතුරේ සටන්කාමි තරුණ දේශපාලන ක්‍රියාධරයෙකු වු තිලිපන් සිය ජිවිතයෙන් වන්දි ගෙවු අතර සැප් 15 වෙනිදා සිට සැප් 26 දක්වා ඔහු සමරා විවිධ වැඩසහන් ක්‍රියාත්මක වෙමින් තිබේ.

ත්‍රස්තවාදය වැලැක්විමේ පණත යටතේ නඩු නැතිව වසර ගණනක් සිරගත කොට තබා‌ගෙන ඇති දමිළ දේශපාලන සිරකරුවන් 13 දෙනෙකු සැප් 06 වනදා ආරම්භ කළ උපවාසය දින 12 කට දැන් අවසන් කර තිබුනේ උතුරේ ආණ්ඩුකාරයා විසින් ලබාදුන් පොරොන්දුවක් පදනම් කොට ගෙනය.

රටපුරා විවිධ උද්ඝෝෂණ සංවිධානය කරමින් ත්‍රස්ත පණතට එරෙහිව අරගල කරන දකුණේ ප්‍රගතිශිලි ව්‍යාපාරය දමිළ සිරකරුවන්ගේ උපවාසය ගැන සහය පළකිරිම සදහා කිසිවක් කර තිබුන බවක් නොපෙනේ.

දකුණේ මාධ්‍ය වලට ඒ් උපවාසය සහ ඊට සහය පලකරමින් උතුරේ සහ නැගෙනහිර කරන ලද විරෝධතා ගැනද උනන්දුවක් තිබුනේ නැත කරම්ය.

ඉන් කියැවෙන්නේ කුමක්ද ? ත්‍රස්ත පණත අහෝසි කරන ලෙස ඉල්ලා දකුණේ ප්‍රගතිශිලින් උතුරට යන විරෝධතා ගමනක් සංවිධාන වන්නේ කවදාද ?

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article