Thursday, November 28, 2024

PMD ප්‍රකාශය රදගුරු රේමන් වික්‍රමසිංහ හිමිපාණන් ප්‍රතික්ෂේප කරයි

Must read

රෝයල් පාක් චූදිතට ජනපති සමාව ලබාදීමේදි ගාලු පදවි රදගුරුහිමි වන අති උතුම් රේමන් වික්‍රමසිංහ හිමාපාණන් කළ ඉල්ලීම්ද සළකා බැලූ බව සඳහන් කරමින් ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය ප්‍රතික්ෂේප කරන බව එම හිමිපාණෝ සඳහන් කරති.

රෝයල් පාක් චූදිතට ජනපති සමාව ලබා ගැනීම වෙනුවෙන් තමන්වහන්සේ කිසිම ඉල්ලීමක් නොකළ බවද උන්වහන්සේ පෙන්වා දෙති.

කෙසේ වෙතත් තරුණ රැඳවියන්ට පුනරුත්තාපනය හා නිසි අධ්‍යාපනයක් ලබාදීමට තමන්වහන්සේ මීට පෙර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටි බවත් උන්වහන්සේ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

එම පොදු ඉල්ලීම මේ අවස්ථාවේදී ජනපති මාධ්‍ය අංශය විසින් අයුතු සහගත ලෙස උලුප්පා දක්වා ඇති බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරති.

(Ada.lk)

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article