Friday, January 3, 2025

PHI මහත්වරුන් කොරෝනා රාජකාරී වලින් ඉවත් වෙන්න තීරණය කරයි ?

Must read

කොවිඩ්19 වසංගත තත්වය පාලනය කිරීමේ රාජකාරී කටයුතු වලදී අවශ්‍ය කරන මුහුණු ආවරණ හා දෑත් පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය වැනි අවම පහසුකම්වත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය අපොහොසත් වී ඇති බව පවසමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරන්ගේ සංගමය විසින් සිය රාජකාරී වලින් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්ථා වෙයි.

එම සංගමය විසින් මෙම ගැටලුව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහතිමය වෙත පසුගිය ඉරිදා දිනයේදී දැන්වූ නමුත් මේ වන තෙක් ඒ සම්බන්දයෙන් කිසිදු ප්‍රතිචාරයක් වැති බවත් අද (02) දිනය තුලදී ඒ සදහා ප්‍රතිචාරයක් නොලැබෙන්නේ නම් හෙට (03) දිනයේදී මෙම රාජකාරී වලින් ඉවත් වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංවිධානය සදහන් කරයි.

එමෙන්ම පවතින තත්වය හමුවේ ග්‍රාම නිලධාරීන්වෙතද රජය විසින් විවිධ රාජකාරී පැවරීම සිදුකලත් ග්‍රාමනිලධාරීන් වෙතද අවශ්‍ය පහසුකම් ප්‍රමාණවත් පරිදි නොලැෙබන බවටද චෝදනාවක් එල්ල වෙමින් පවතී.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article