Friday, December 27, 2024

on arrival visa ලබාදීමෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 10ක පාඩුවක්?

Must read

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ඇද වැටුන සංචාරක කර්මාන්තය නැවතත් යාථා තත්වයට පත් කිරීමේ අරමුණෙන් හා සාමාන්‍යයෙන් මැයි මාසයේ සිට සිදුවන සංචාරකයන් පැමිණීමේ අඩුවට පිළීයමක් වශයෙන් තවත් රටවල් 10කට ශ්‍රී ලංකාවට පැමිණීමේදී මෙරට ගුවන්තොටුපලේදීම ගාස්තු රහිතව වීසා(on arrival visa) නිකුත් කිරීමට රජය පියවර ගෙන ඇතැයි සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සඳහන් කරයි. ඒ අනුව එංගලන්තය, චීනය, ඉන්දියාව, රුසියාව, ඩෙන්මාර්කය, ස්වීඩනය, නෝර්වේ, පින්ලන්තය, අයිස්ලන්තය, පිලීපීනය යන රටවලින් පැමිණෙන සංචාරකයන් සදහා මෙලෙස on arrival visa පහසුකම සැලසේ.

මෙම නියමු ව්‍යාපෘතිය මාස 6ක කාලයක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. මේ අනුව අගෝස්තු මස 01වනදා සිට රටවල් 45කින් පමණ පැමිණෙන සංචාරකයන්ට on arrival visa පහසුකම මෙරට ගුවන්තොටුපලේහී හිමිවේ.

කෙසේ වෙතත් මෙසේ රටවල් විශාල ප්‍රමාණයකට මෙම පහසුකම සැපයීම මගින් ආගමන විගමන දෙපාර්තමේන්තුවට වසරකදී රුපියල් බිලියන 10ක පමණ පාඩුවක් සිදුවනු ඇති බවටද වාර්ථා වෙයි.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article