Saturday, September 21, 2024

OMP ක්‍රියාකාරකම් අතුරුදහන්වුවන්ගේ ඥාතීන්ගේ හෙළාදකියි

Must read

මුලතිව් දිස්ත්‍රික්කයේ අතුරුදන්වූවන්ගේ ඥාතීන් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ( OMP ) කාර්යාලයේ ක්‍රියාකාරීත්වයට විරෝධය පළකර තිබේ.lඊයේ (20) පෙරවරු 11.45 ට පමණ අතුරුදහන් වූවන්ගේ සංගමයේ මුලතිව් දිස්ත්‍රික්කයේ ඥාතීන් විසින් ප්‍රවෘත්ති සාකච්ඡාවක් මුලතිව් මාධ්‍ය මධ්‍යස්ථානයේ දී පවත්වන ලදී. එහිදී එම සාමාජිකයින් පැවසූවේ අතුරුදහන්වූ තැනැත්තන් පිළිබද කාර්යාලය විසින් අතුරුදහන්වූවන් පිළිබදව කර ඇති පැමිණිලි මත පදනම්ව නැවතත් තොරතුරු අපට ලබා දෙන ලෙස ඉල්ලා මුලිතිව් දිස්ත්‍රික්කයේ මහජනතාවට ලිපි එවා ඇති බවයි.

”එම අරගල මාලාවට අදට වසර 1718ක් පිරෙනවා. මෙම කාර්යාලය මුලතිව් දිස්ත්‍රික්කයට නිරන්තරයෙන් ලිපි එවනවා. අපි OMP කාර්යාලයට බොහෝ වාරයක් පවසා ඇත්තේ අපට මෙම කාර්යාලය අවශ්‍ය නොවන බවත් අපට ලියාපදිංචි වීමට අවශ්‍ය නැති බවයි. කෙසේ වෙතත් ඔවුන් අතුරුදහන් වූ පුද්ගල ඡායාරූපය අතුරුදහන් වූ පුද්ගල හැඳුනුම්පත ඇතුළු සියලු තොරතුරු නැවත ඉල්ලා සිටිනවා. අප මේ සියලු තොරතුරු ලබා දීමට බිය නැහැ. මේ OMP කාර්යාලය අපට අවශ්‍ය නැහැ කියන ස්ථාවරයේ අපි තවමත් ඉන්නවා.අතුරුදහන් වූවන්ට මරණ සහතික ලබාදීමට තමන් සූදානම් බව ජනාධිපතිවරයා දැනටමත් ප්‍රකාශ කර තිබෙනවා. අපි ඉල්ලන්නේ අපට අහිමි වූ අපේ ජීවිත , අතුරුදහන් වූ අපේ ඥාතින්ට මොකද වුණේ කියලා අපි අහනවා. ඒ අය අපට භාර දෙන්න කියලා අපි ඉල්ලනවා. ”

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article