Friday, September 20, 2024

Omicron ශ්‍රී ලංකාවට පැමිණීමේ අවදානම අඩුයි – ඇමති ප්‍රසන්න

Must read

පසුගිය කාල සීමාව තුල මෙරටට පැමිණි සංචාරකයන් අතරින් කොවිඩ් වැළදුණු සංචාරකයන් හමුවූයේ ඉතාමත් අඩු වශයෙන් බවත්, දින 14 ක නිරෝධායන කාලසීමාවක අත්‍යවශ්‍යතාවයක් තවමත් නොමැති බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඒ මහතාට අනුව දකුණු අප්‍රිකානු නව කොවිඩ් ප්‍රභේදය වන Omicron මෙරටට ඇතුල්වීමේ අවදානමද අවමය.

කෙසේ වෙතත් පසුගිය කාලසීමව තුලදීම විවිධපැමැදිලි කිරීම තුලින් ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන් විවිධ අවස්ථාවන් වලදී මෙරටට කොවිඩ් ඇතුලුවිමේ අවදානම අවම බව ප්‍රකාශ කල ආකාරය අපට මතකය. විටෙක ජනාධිපතිවරයා පවා රා වැසීිමට අවශ්‍ය නැති බව පවසමින් සිනාසෙනු අපට මතකය. තවත් විටෙක කොවිඩ් වෛරස ආසාදිතයන් හදුනාගත හැකි ස්කෑනර් ගුවන්තොටුපලේ සවිකර ඇති බැවින් මෙරටට කොවිඩ් ඇතුලු වීමේ අවදානම අඩු බව ඇමතිවරුන් ප්‍රකාශ කල හැටි අපට මතකය.

මේ අවස්ථාවේදීත් ඇමතිවරුන්ගේ කියවීම් පසෙක දමා හැකි උපරිමයෙන් ආරක්ෂා වීම අපගේම ආදරණීයයන් වෙනුවෙන් අපගේ යුතුකමකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article