Monday, January 13, 2025

MCC ගිවිසුම මැයි මාසයේ අත්සන් කිරීමට සූදානමක් තිබෙනවා

Must read

රට දෙකඩ කරනවා, රට ඇමෙරිකානු කොළනියක් වෙනවා කියා බිල්ලන් මැවූ එම්. සී. සී ගිවිසුම ලබන මැයි මාසයෙන් පසු අත්සන් කිරීමට රජය සැළසුම්කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක් අබේසිංහ මහතා කොළඹදී අද(29) පැවසීය.

කමිටු පත් කර ජනතා අදහස් ලබා ගනිමින් එම්. සී. සී ගිවිසුම අත්සන් කිරීම සඳහා අවශ්‍ය සැලසුම් ආණ්ඩුව මේ දිනවල සකස් කර ගෙන යන බවද මන්ත‍්‍රීවරයා සදහන් කළේය. තුනෙන් දෙකක බලයක් ඉල්ලා සිටින මේ ආණ්ඩුවට තුනෙන් දෙකක් තියා ආණ්ඩු බලයත් නොලැබෙන බවද විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අබේසිංහ මහතා පැවැසීය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක් අබේසිංහ මහතා මෙසේද කීය.

‘‘කොරෝනා වෛරසයට මුහුන දෙන්න පක්ෂ භේදයකින් තොරව අපි කටයුතු කළ යුතුයි. විපක්ෂය විදියට අපි මේ තත්තවයට මුහුණ දෙන්න රජයට උපරීම සහයෝගය ලබා දෙනවා. විපක්ෂනායකවරයා ඉල්ලා සිටියා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න වහාම පාර්ලිමේන්තුව කැ`දවන්න කියලා. එතකොට පාර්ලිමේන්තුව නියෝජනය කරන සෙසු පක්ෂවලටත් මෙම තත්ත්වයට සෘජුව සහයෝගය ලබාදිය හැකියි.

මේ තත්ත්වයට මුහුන දෙන්න රජය ප‍්‍රමාණවත් වැඩපිලිවලක් ක‍්‍රියාත්මක කර නොමැති බවට අපට පෙනී යනවා. හිටපු ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍යවරයා විදියට මම ගුවන්තොටුපළේ තත්ත්වය සොයා බැලූවා. තවම රජය ඒ පිළිබඳ ප‍්‍රමාණවත් වැඩපිලිවලක් සකස් කර නොමැති බවට එහිදී පෙනී ගියා. දැන් මේ රජය බලයට පත්වෙලා මාස තුනකට ආසන්න කාලයක් ගතවෙලා තියෙනවා. මේ රජය පත්කරන්න කැපවු අයගේ අපේක්ෂා භංගත්වයට මේ කාළය තුළ දිනෙන් දින වැඩිවෙමින් තියෙනවා.

පිටරට ඉදලා වෙනසක් බලාපොරොත්තුවෙන් ලංකාවට ඇවිත් ඡුන්දෙ දුන්නා. නමුත් අපි බලාපොරොත්තු වූ වෙනස සිදු වෙලා නැහැ. අපි නැවත මේ රට භාර දුන්නේ පරන හොරු රැලටම කියලා මේ ආණ්ඩුවට ඡන්දය දීපු පුද්ලගලයෙක් සිය ෆේස් බුක් පිටුවේ සටහනක් දාලා තිබුණා. දැන් මේ ආණ්ඩුවට ඡුන්දය දීපු ලක්ෂ 69 ට ජනතාවට මුහුන දෙන්න විදියක් නැතුව සිටිනවා.

2015 ජනවාරි 08 පත් වූ අපේ රජයෙන් පවුල් 54 ලක්ෂයටම අපි සෘජු ප‍්‍රතිලාභ දෙන වැඩසටහන් ක‍්‍රියාත්මක කලා. මේ ජනාධිපති පත්වුණේ අපේ රට වැඩ බිමක් බවට පත් කරනවා කියලා. වැඩ බිම කෙසේ වෙතත් අපි ආරම්භ කරපු ගම් පෙරලිය වැඩසටහනට මුදල් දීම පවා දැන් නවත්වලා තියෙනවා.
උපේ රජයෙන් ආරම්භ කළ මධ්‍යම අධිවේගී මාර්ග ඇතුලූ අධිවේගී මාර්ග, රට පුරා මාර්ග පද්ධති ආදී සියල්ලක්ම අද වෙනවිට නතර වෙලා තියෙනවා.

රාජ්‍ය සේවකයන් බහුතරයකගේ ඡන්දයෙන් බලයට පත්වු මේ ආණ්්ඩුව මුලින්ම කළේ රාජ්‍ය සේවකයන් රැවටිමයි. ඊළඟට රණවිරුවන් පොලිසිය රැවැට්ටුවා. මහා සංඝ රත්නය රැවැට්ටුවා. විශ‍්‍රාමිකයන් රැවැට්ටුවා. ඒ වගේම සහන දෙනවා ජීවන වියදම අඩු කරනවා කියලා ජනතාව රැවැට්ටුවා.
පසුගිය වසර හතරහමාර තුළ අපි අත්‍යවශ්‍ය භාන්ඩ වල මිල ඉහළ යාම පාලනය කළා. ඒ වගේම අපි ගෑස් මිල, ඉන්ධන මිල අඩු කරලා ජනතාවට සහන දුන්නා.

මේ ආණ්ඩුවෙන් ඉන්න පිරිස් එම්. සී. සී ගිවිසුමෙන් රට දෙකඩ වෙනවා, ඇමරිකානු කොලනියක් වෙනවා කියලා බිල්ලො මැව්වා. දැන් කියනවා සීයට 70ක් හොදයිලූ. මේ ගිවිසුම ලබන මැයි මාසයෙන් පසු අත්සන් කරන බවට මම වගකීමෙන් කියනවා.

ඇමරිකානු නියෝජිතයයන් ආපු වෙලාවේදී ජනාධිපතිතුමා මැයි මාසේ වෙනකම් කල් ඉල්ලුවා. ඔහු කොයිම වෙලාවකවත් මේක අත්සන් කරන්නේ නැහැ කියලා නැහැ. දැන් මේ ගැන කමිටු පත් කරලා අධ්‍යයනය කරගෙන යනවා. අනිත් පැත්තෙන් ජනතා අදහස් ලබා ගනිමින් සිටිනවා. පාස්කු ප‍්‍රහාරය හින්දා තමයි මේ රජය බලයට පත්වුණේ. ඒ වගේම අන්තවාදීන්ට සහයෝගය දුන් සියලූ දෙනාට දඩුවම් දෙනවා කව්වා. පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ අන්තවාදීන් සමග කටයුතු කලේත් මේ වර්තමාන රජයේ මැති ඇමතිවරුන්.

මද්‍රසා පාසල් වත්මන් රජය නීති ගත කරන්න යනවා. ඒ වගේම මඩකලපුව විහ්ව විද්‍යාලය, විල්පත්තු කැලේ ගැන ප‍්‍රශ්ණ අපේ රජයට ඇති කළා. දැන් ඒ ප‍්‍රශ්ණ නෑ වගේ මේ රජය කටයුතු කරනවා. ඡන්දෙට කලින් මේ අය කිව්වේ මේක නෙමෙයි.කිසිම රාජ්‍ය දේපලක් විකුණන්නේ නැහැ. විකුණපු දේපළත් පවරගන්නවා කියලා බලයට එන්න කලින් මහින්ද රාජපක්ෂ මහතා කිව්වා. මේ රජය ආපු ගමන් ෂැංග‍්‍රිලා ඉඩම අසළ ඉඩම සිංගප්පුරු සමාගමකට විකුණුවා. ලේක් හවුස් ආයතනය ඉදිරිපිට තවත් අක්කර හයක ඉඩමක් දෙන්න යනවා. මේ පිලිබද රටේ ජනතාව දැනුවත් විය යුතුයි. ජනාධිපතිවරණයේදී ජනතාවට දුන් පොරොන්දු එකින් එක වෙනස් කරමින් යනවා.

මහ බැංකු වංචාව ගැන අපිට චෝදනා කළා. මහබංකු වංචාවට සම්බන්ධ සියලූ දෙනාට පක්ෂ භේදයකින් තොරව තරා තිරම නොබලා දඩුවම් කරන්න කියලා අපි මේ රජයට කියනවා. විපක්ෂය විදියට අපි ඒකට සහයෝගය දෙනවා. දැන් මේ ආණ්ඩුව තුනෙන් දෙකක් ඉල්ලනවා. තුනෙන් දෙකක් තියා මේ ආණ්ඩුවට මන්ත‍්‍රී ධුර 113 ක් ලබාගෙන ආණ්ඩු බලයවත් ලබාගන්න බැහැ. මේ ආණ්ඩුව දවසින් දවස පුස්සක් වෙනවා. අද මේ ආණ්ඩුව වැඩියෙයන්ම විචේචනය කරන්නේ අර ලක්ෂ 69 ජනතාවයි.

ජනතා මුදල් කාබාසිනිය කරලා, හොරකම් කරපු පිරිස් දැන් මාධ්‍ය ඉදිරියේ සුදනො වගේ ඉදගෙන අපිට චෝදනා කරනවා හොරු හොරු කියළා. දුෂිතයන්ට, නඩු තියෙන අයට, ඇප පිට ඉන්න අයට නාම යෝජනා ලබා නොදෙන්න පක්ෂවලට බල කරන්න කියලා මාධ්‍යවේදීන්ගෙන් සහ සිවිල් සංවිධාන වලින් අපි ඉල්ලා සිටිනවා. මේ රජය දැන් දිනෙන් දින ජනතා අප‍්‍රසාදයට පත්වෙමින් තිබෙනවා. බොරු පොරොන්දු දි බලයට පත්වූ මේ ආණ්ඩුව එලැබෙන මහමැතිවරණයේදී පරාජය කරන්න පෙරට එන්න කියලා මේ රටේ සියලූම ජනතාවට අපි ආරාධනා කරනවා’’යැයිද ඔහු එහිදී පැවැසීය.

(Lankadeepa.lk)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article