Saturday, October 5, 2024

IMF ක්‍රියාමාර්ග වලට මැතිවරණය බාධාවක් නොවන බවට ජනපතිගෙන් සහතිකයක්

Must read

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජය සමඟ කටයුතු කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉහළ පෙළේ නියෝජිත පිරිසක් පසුගිය 02 වනදා  ශ්‍රී ලංකාවට පැමිණියහ. මෙම සංචාරයේ මූලික අරමුණ වූයේ IMF වැඩසටහනේ ප්‍රගතිය සහ ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ අරමුදල් පහසුකමේ සිව්වන වාරිකය මුදා හැරීම සඳහා අවශ්‍ය පියවර පිළිබඳ සාකච්ඡා ආරම්භ කිරීමයි.

මේ වන විට ජනතාව මත පැටවී ඇති බර ලිහිල් කිරීමට විකල්ප විසඳුම් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අරමුණු සඳහා කැපවන බවට මෙහිදී අවධාරණය කර තිබේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර සිදුවෙන තුන්වන සමාලෝචනය කාලය තුළදී එම වැඩකටයුතු වලට  ඉදිරි මහ  මැතිවරණ කටයුතු බාධාවක් නොවන ආකාරයට සිදුකරන බවටද වත්මන් ජනාධිපතිවරයා සහතික වී තිබේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article