Monday, January 13, 2025

GMOA සෞඛ්‍ය ඇමිතිනිය හමුවීමට යයි – ජනපතිගේ සෞඛ්‍ය ප්‍රතිපත්ති සදහා සහය දෙන්නට සූදානම්

Must read

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) නිලධාරීන් අතර සුහඳ හමුවක් ඊයේ (29දා) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අමාත්‍ය කාර්යාලයේ දී පවත්වා තිබේ.

මෙම සුහද හමුවේ දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ඇතුලු සංගමයේ නිලධාරින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ පෙරදැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සෞඛ්‍ය සේවාවට අදාලව සඳහන් කායික, මානසික, සාමාජීය යන ප්‍රධාන කරුණු 03 සහ ඊට අමතරව ඇතුලත් කොට ඇති අධ්‍යාත්මික නිරෝගීකම යන කරුණ පිළිබදවත්, එහි සඳහන් තවත් ප්‍රධාන කරුණු 20 ක් පිළිබදවත් සාකච්ඡා කරන ලදි.

එමෙන්ම අතීතයේ සෞඛ්‍ය නිර්ණායක ඉදිරිපත් කිරීමේ දී මරණ අනුපාතිය ප්‍රධාන සාධකය ලෙස යොදා ගත් බවත්, වර්තමානයේ නිරෝගීකම නිර්ණායක් වශයෙන් යොදාගෙන සෞඛ්‍ය ප්‍රතිපත්ති සැකසිය යුතු බවත්, වසවිසෙන් සහ මත්ද්‍රව්‍ය වලින් තොර සමාජයක් බිහි කිරීමට සෞඛ්‍ය සේවාවේ අවධානය යොමු විය යුතු බවත් අවධාරණය කරන ලදි.

නිදහස් සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් ගන්නා වූ සියලු ක්‍රියාමාර්ග සඳහා සිය සංගමයේ සහයෝගය ලබාදෙමින් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සෞඛ්‍ය සේවාවට අදාළ එක් එක් කරුණු සම්බන්ධයෙන් වෙන වෙනම සාකච්ඡා කොට විසදුම් ලබාදීමට සිය සහයෝගය ලබාදෙන බව ද ප්‍රකාශ කරන ලදි.

එමෙන්ම ගුණාත්මක හා කඩිනම් සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීම උදෙසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ යෝජනා සහ තීන්දු තීරණ පිළිබදව ද අමාත්‍යවරිය දැනුවත් කිරිමට පියවර ගන්නා ලදි.

දිවයිනේ සියලු රෝහල්වලට හිඟයකින් තොරව ඖෂධ ලබාදීම සඳහා වන වැඩපිළිවෙල ශක්තිමත් කිරිමට තමන් සතු ක්‍රමෝපායන්, දත්ත හා තොරතුරු ලබාදීමට පියවර ගන්නා බව ද පැවැසීය.

 

(ada.lk)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article