අමාත්‍යංශයන් සදහා පත් කල ලේකම්වරුන් වෙත පත්වීම් ලිපි පිළිගැන්වීම ඊයේ (27) සවස ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිදුවිය.
නමුත් එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා වෙත තනතුරක් හිමිව නොතිබීම විශේෂත්වයකි. පසුගියදා වෛද්‍ය පාදෙණිය මහතා සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්ධූරයට පත්වනු ඇති බවට සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වීමත් සමග රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙන්ම වෛද්‍ය පාදෙණිය මහතාද දැඩි විවේචනයට මෙන්ම උපහාසයට ලක්වනු දක්නට ලැබිණි. එමෙන්ම වෛද්‍ය පාදෙණිය මහතා ලේකම්ධූරයට සුදුසු බව ඔප්පු කරන්නට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද දැඩි උත්සහයක නිරතවනු දක්නට ලැබිණි.
කෙසේ වෙතත් මේ වන විට වෛද්‍ය පාදෙණියට ලේකම්ධුරයන් හිමිව නොමැති අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙේ සංගමයේ උත්සහය ව්‍යර්ථ වී ඇත.
කෙසේ වෙතත් සෞඛ්‍ය ලේකම් තනතුර සඳහා දක්ෂ රාජ්‍ය නිලධාරිනියක වන පී.එස්.එම්. චාල්ස් මහත්මිය පත්කර තිබුණි.