ඊයේ (25) කොළඹ, නෙළුම් පොකුණ රඟහලේදී රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්රකාශනය එළිදැක්වීමේ උත්සවය පැවැත්වූ අතර එම වේදිකාවේ ගෝඨාභට රාජපක්ෂ මහතාට දෙපසින් අසුන්ගෙන සිටියේ මහින්ද රාජපක්ෂ මහතා සහ අනුරුද්ධ පාදෙනියය.
මැතිවරණ කොමිෂන් සභාව විසින් සැප්තැම්බර් 10 වනදා චක්‍රලේඛයක් ද නිකුත් කරමින් දන්වා සිටියේ දේශපාලන අයිතිවාසිකම් අහිමි වෛද්‍යවරුන් ඇතුළු රජයේ මාණ්ඩලික නිලධාරීන්, පරිපාලන නිලධාරීන් ඇතුළු කොටස් මැතිවරණයට අදාළ කිසිදු දේශපාලන කටයුත්තකට සහභාගී නොවිය යුතු බවයි. ඒ අනුව මේ ක්‍රියාවලිය මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක්ය.
ගෝඨාභය රාජපක්ෂ මහතා විනය ගරුක සහ නීති ගරුක රටක් බිහිකිරීමට වේදිකාව මත සිට පොරොන්දු දුන්නේ අමු අමුවේ මැතිවරණ නීති කඩමින් රජයේ වෛද්‍ය නිලධාරියකු තම වේදිකාව මත ඉන්දවාගෙන ය.
එමෙන්ම කලින් කලට විවිධ හේතු දක්වමින් මහජනතාවගේ දුක තමන්ගේ වාසියට හරයා ගනිමින් රජයේ වෛද්‍යනිලධාරීන්ගේ සංගමය හෙවත් GMOA කාගේ දේශපාලන අතකොළුවක්දැයි මේ වන විට පැහැදිලි වී ඇත. එම සියළු වැඩවර්ජන පිටුපස තිබුණේ දේශපාලන වාසි අරමුණු පමණක් බවද දැන් පැහැදිලිය.