Friday, September 20, 2024

FIFA ලෝක කුසලානය : ජපානයෙන් පෙරළිකාර ජයක්

Must read

 

තරඟය අවසන් වීමට මිනිත්තු 15ක් තිබියදී ජර්මනියට එරෙහිව ජපානය ලබාගත් පෙරළිකාර ගෝල් ද්විත්වයත් සමග ජර්මනිය පරදා ගෝල 2-1ක් වශයෙන් තරඟාවලියේ දෙවන පෙරළිකාර ජය වාර්තා කිරීමට ජපානය අද(23) සමත් විය.

තරගය පුරා සිය ආධිපත්‍ය පතුරමින් සිටි ජර්මනියට 33 වන මිනිත්තුවේදී හිමිවූ දඩුවම් පහර සාර්තක කරගැනීමෙන් ඔවුන්ගේ පලමු ගෝලය ලබා ගැනීමට ජර්මනිය සමත් වූ අතර ඉන් පසු  ජපානය විසින් දිගින් දිගටම ජර්මනියට පීඩනයක් එල්ල කිරීමට සමත් විය.

ඒ අනුව සිව්වරක් ලෝක ශූරයන් වූ ජර්මනිය 2022 FIFA පාපන්දු ශූරතා තරඟාවලියේ පලමු තරඟයෙන්ම පරාජය කල ජපානය තරඟාවලියේ දෙවන පෙරලිකාර ජය වාර්තා කිරීමට සමත් විය.

තරඟාවලියේ පලමු පෙරළිකාර ජය වාර්තා වූයේ ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම සෞදිඅරාබ් කණ්ඩායම හමුවේ පරාජය වීමත් සමගය.

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article