තරඟය පුරාම ක්රියාත්මක වූ කැනඩා ක්රීඩකයන් විසින් බෙල්ජියමට බලාපොරොත්තු නොවූ පීඩනයක් එල්ල කිරීම කැපී පෙනුණි. කැනඩා ක්රීඩකයන් කිසිසේතම තරඟය අත්නොහරින බවක් පෙනෙන්ට තිබූ නමුත් අවාසනාවට මෙන් කැනඩා කණ්ඩායමට ගෝල රැස් කිරීමේ අවස්ථා කිහිපයක්ම මඟහැරී ගිය අතර බෙල්ජියම් කණ්ඩායමේ Mitchy Batshuayi විසින් 44 වන මිනිත්තුවේදී රැස් කල ගෝලයත් සමග බෙල්ජියම් කණ්ඩායම තරගයේ ඉදිරියට පැමිණීමට සමත්විය.
වසර 1986 න් පසු කැනඩාව ලෝක කුසලාන පාපන්දු තරඟාවලියකට සුදුසුකහ් ලැබූ පලමු අවස්ථාව මෙයය. මින් පෙර ඔවුන් සහභාගී වූ තරඟ 3 පරාජයට පත්වූ කැනඩාව මේ වන තෙක් ලෝක කුසලාන තරඟාවලියකදී ගෝල වාර්තා කර නොමැත. නමුත් ඊයේ තරඟාවලියේදී ඔවුන් පෙන්වූ දක්ෂතාවය කැපී පෙනුණි.
end of list