Tuesday, December 24, 2024

CESS බද්ධ නිසා භාණ්ඩ 637ක මිල ඉහළට ??

Must read

මුදල අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2023 අයවැය ලේඛනය අනුව එකතු කළ අගය මත පනවන ලද බද්ද සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස රේගුව වෙත දන්වා ඇත.

ඒ අනුව එකතු කළ අගය මත පනවන ලද බද්ද හෙවත් “සෙස්”  බද්ධ ඊයේ (15) සිට ක්‍රියාත්මක වීම හේතුවෙන් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ආනයනික භාණ්ඩ එකසිය අසූ හතක් (187) යටතේ ඇති භාණ්ඩ හයසිය තිස් හතක (637) මිල ඉහළ යන බව ආනයනකරුවන් උපුටා දක්වමින් ‘අරුණ’ වෙබ් අඩවිය වාර්තා කර සිටියි.

මෙම නව බදු ප්‍රතිසංස්කරණය අනුව,

  • ආනයනික සහල් කිලෝග්‍රෑමයකට රුපියල් 60ක්ද
  • ලූනු කිලෝග්‍රෑමයකට රුපියල් 30ක්ද
  • අර්තාපල් කිලෝවක් රුපියල් 220කින්ද
  • කඩල කිලෝග්‍රෑමයක් රුපියල් 300කින්ද
  • බටර් කිලෝග්‍රෑමයක් රුපියල් 550කින්ද
  • චීස් කිලෝග්‍රෑමයක් රුපියල් 600කින්ද 
  • බඩඉරිඟු කිලෝග්‍රෑමයක් රුපියල් 300කින්ද,
  • ඇපල් කිලෝග්‍රෑමයක් රුපියල් 380කින්ද,
  • ෆාම් තෙල් කිලෝග්‍රෑමයක් රුපියල් 60කින්ද 
  • කොප්පරා කිලෝග්‍රෑමයක් රුපියල් 370කින්ද
  • රබර් හා ටයර් රුපියල් 100-400 දක්වා අගයකින්ද
  • පාවහන් වර්ග අනුව රුපියල් 90-1840 දක්වා අගයකින්ද
  • බෝල්පොයින්ට් පෑන්වල මිල  25%කින්ද
  • අභ්‍යාස පොත් කිලෝග්‍රෑමයක් රුපියල් 250කින්ද
  • දවටන කිලෝග්‍රෑමයක් රුපියල් 200කින්ද
  • ලිහිසි තෙල් කිලෝග්‍රෑමයක් රුපියල් තුන්සීයකින්ද

වශයෙන් බදු අය කරන ලෙස රේගුවට දන්වා ඇත.

​සෙස් බද්ද වැඩිකර ඇති භාණ්ඩ ඊයේ (15වැනිදා) සිට රේගුවෙන් නිෂ්කාශනය කිරීමේදී නව බදු ගාස්තු අය කල බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුදන්ත සිල්වා මහතා පවසයි.

නමුත් මේ සම්බන්දයෙන් නිවේදනයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹළාපිටිය මහතා පවසා ඇත්තේ අත්‍යවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවේ ඇති භාණ්ඩ 120 මත ක්‍රියාත්මක වන්නේ රේගු බද්ධ හෝ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ධ බවත් එම බදු වල සංශෝධනයක් ⁣සිදු නොවන බැවින් සෙස් බදු සංශෝධන⁣ය හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල කිසිදු ආකාරයකින් ඉහළ යා නොහැකිබව රාජ්‍ය මුදල අමාත්‍යවරයා සිය නිවේදනයේ සදහන් කර ඇත.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article