Friday, September 20, 2024

CCTV කැමරා ගලවූ කැළණියේ සිසුන් 25කට වසර 2ක පන්ති තහනමක්

Must read

කැළණි විශ්වවිද්‍යාලීය සන්නිවේදන හා මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් කැළණිය විශ්වවිද්‍යාලීය CCTV කැමරා ගැලවීමේ සිදුවීමට සම්බන්ද බවට හදුනාගත් ශිෂ්‍යයන් 25දෙනාට වසර 2ක පන්ති තහනමක් ක්‍රියාත්මක කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර ඇති බව දන්වා තිබේ.

එමෙන්ම ගලවා ඉවත් කල CCTV කැමරා නැවත කඩිනමින් සවිකිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර ඇත.

මේ අතර සති අන්ත පශ්චාද් උපාධි පාඨමාලා, ඩිප්ලෝමා පාඨමාලා, සහතික පත්‍ර පාඨමාලා සහ ඊට අදාළ සියලුම විභාහ නැවත දැනුම් දෙන තුරු නොපැවෙත්වෙන බවද පාලනාධිකාරිය දැනුම් දෙයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article