Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

Battle of the Bands කිරුල මීගමුවට ගෙනෙන්නට proffesor හෙට වේදිකාවට

Must read

දෙරණ රූපවාහිනිය මගින් සංවිධානය කරන ලද Derana battle of the bands තරගමාලාවේ අවසන් තරගය හෙට සවස පැවැත්වීමට නියමිතය.
කෙදිනත් සංගීත අංශයෙන් රටපුරා නමක් දිනාගෙන සිටින සංගීතඥයින් බිහිකල පුරවරයක් ලෙස ප්‍රසිද්ධ මීගමුවෙන් මෙවරද තවත් දක්ෂ තරුණ සංගීත කණ්ඩායමක් Derana Battle of the bands තරගයේ අවසන් තරගයට සුදුසුකම් ලබා සිටියි. ඒ Proffessor සංගීත කණ්ඩායමයි.
මීගමුව ශා.පීතර මධ්‍ය මහා විද්‍යාලයේ ඉගැනුම ලැබූ තරුණයන් පිරිසකගෙන් සමන්විත මෙම සංගීත කණ්ඩායමේ ඩ්‍රම් වාදන ශිල්පියා නිමල මරියා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

පාසල් වියේ සිටම මිතුරන් වන මෙම තරුණ පිරිස  පාසල් සමයේ සිටම සංගීත කණ්ඩායම් වශයෙන් කටයුතු කිරීම ආරම්භ කල පිරිසක් වන අතර මේ දක්වා තරගාවලිය තුල අති විශිෂ්ඨ දක්ෂතා පෙන්නුම්කිරීමට සමත්වූ අතර කා අතරත් කථාබහට ලක්වන කණ්ඩායමක් බවට පත් වී ඇත.

හෙට (03) සවස 7.30ට ආරම්භ වීමට නියමිත අවසන් මහා තරගයේදී පහත සදහන් ආකාරය⁣ට ඕනෑම දුරකථන ජාලයක් හරහා SMS කිරීම මගින් මෙම කණ්ඩායම ජනප්‍රියම කණ්ඩායම බවට පත්කල  හැකිය.

එසේනම් professor හෙට ජයග්‍රහණය තහවුරුකර ගැනීම සදහා අපෙන් ඔබට සුභ පැතුම්.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article