Wednesday, November 20, 2024

අමරපුර-රාමඤ්ඤ මහ නිකායන් එක්කෙරෙන සම්මුතියට අත්සන් තැබීම ලබන 16 වනදා

Must read

අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහ නා හිමියන්ගේ සහ අග්ගමහා පණ්ඩිත නාපාන පෙමසිරි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහ නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන්  ලංකා ශාසන ඉතිහාසයට නව පරිච්ඡ්දයක් එක් කරමින් ශ්‍රී ලංකා අමරපුර සහ රාමඤ්ඤ යන මහා නිකායත් එක් කෙරෙන සම්මුතියකට අත්සන් තැබීම කොළඹ 07, නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතන ශ‍්‍රවණාගාරයේදී ලබන 16 වැනිදා සවස 2.30ට  පැවැත්වීමට නියමිතය.

එසේ එම සම්මුතියට අත්සන් තැබීමෙන් අනතුරුව දෙද නිකායන් ද්විත්වය “ශ්‍රී ලංකා අමරපුර – රාමඤ්ඤ සාමග්‍රි මහා සංඝ සභාව ” ලෙස පෙනී සිටීමට නියමිතය.
ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය සහ රාමඤ්ඤ මහා නිකාය වසර කිහිපයක් තිස්සේ කරන ලද සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් මෙම  සම්මුතියට එළඹීමට තීරණය කර ඇති අතර රටේ ජාතික, ආගමික හා ශාසනික කටයුතුවලදී එක්ව ක්‍රියා කිරීම වෙනුවෙන් මෙම සම්මුතිය අත්සන් තැබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article