ප්රවීණ චිත්රපට හා කැමරා අධ්යක්ෂවරයෙකු වූ දයා විමලවිර මහතා ඊයේ(12) අභාවප්රාප්ත විය. ඒ මහතා මිය යන විට 81වැනි වියෙහි පසු වුනි.
තම පියාගේ සහය කැමරා ශිල්පියා වශයෙන් සිය ගමන ආරම්භ කල විමලවීරයන් පසුව ප්රධාන කැමරා ශිල්පියා ලෙස රොඩී කෙල්ල, පටාචාරා, ආදරයයි කරුණාවයි, කළණ මිතුරෝ, සිකුරුලියා වැනි චිත්රපටවලට සිය දායකත්වය සැපයීය. 1972 වසරේ දී වීදුරු ගෙවල් චිත්රපටය තුලින් චිත්රපට අධ්යක්ෂණයට එක්විය.
දයා විමලවීරයන්ගේ දේහය සිය නිවස වන 154A, ඇන්ඩර්සන් පාර, නැදිමාල දෙහිවල යන ලිපිනයෙහි තැන්පත්කර ඇති අතර අවසන් කටයුතු අගෝස්තු මස 14වන බදාදා සවස 4ට නැදිමාල පොදු සූසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.