Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

ගම්පහ දිස්ත්‍රික්කයේ නීතිවිරෝධී සුරාසැල් වැටලීමේ මෙහෙයුමක්

Must read

මීරිගම බාඳුරාගොඩ නීතිවිරෝධී කසිප්පු තිප්පොලකින් කසිප්පු පානය කිරීමෙන් අනතුරුව පුද්ගලයින් 11 දෙනෙක් මියගොස් 20 දෙනෙකු රෝහල් ගත කිරීමේ සිද්ධිය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම නීතිවිරෝධී මත්පැන්  අලෙවිසැල් වැටලීමේ මෙහෙයුමක් ආරම්භ කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

මේ අනුව ගම්පහ, ජාඇල, මීගමුව, මීරිගම, දිවුලපිටිය සුරාබදු ස්ථානවලින් කණ්ඩායම් පහක් පසුගිය 04 වනදා සිට පැය 24ක කාලසීමාවක් පුරා මෙම වැටලීම් සදහා යොදවා ඇත.ඉදිරියේදී මෙම වැටලීම් දිවයින පුරා ක්‍රියාත්මක කරන බවත් සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article