පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මෙවරද ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්රචාරක කටයුතු සදහා සුප්රසිද්ධ ගායන ශිල්පීන් යවලක් වන භාතිය හා සන්තුෂ් සහභාගී කරගෙන ඇති බවත් මේ වන විට ඒ සදහා වන පුහුණුවීම් බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටු ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ ඇතුළු කාමරයක සෑදූ වේදීකාවක් මත පසුගියදා සිදුවූ බවත් වාර්තා වෙයි. මෙය සංවිධානය කර ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්රයින් විසින් බවත් වාර්තා වෙයි.
කෙසේ වෙතත් පසුගිය වර මෙන්ම මෙවරත් ජනාධිපතිවරණ ප්රචාරක කටයුතු සියතට ගෙන ඇති රජපක්ෂ පුත්රයන්ට බැසිල් පාර්ශවයෙන් මේ වන විට දැඩි විරෝධයක් එල්ලවී ඇති බවද වාර්තා වෙයි.