ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අවසන් පන්දුවාරයේදී පන්දුවට පහර දෙමින් සිටි බෙන් ස්ටෝක්ස්ගේ පිත්තේ වැදී හතරේ සීමාව වෙත ඇදී ගිය පන්දුව හේතුවෙන් එංගලන්ත කණ්ඩායමට ලකුණු 6ක් ලබාදීම එම තරගයේ විනිසුරු ලෙස කටයුතු කල කුමා ධර්මසේන කල ක්රියාව නිවැරදි ක්රියාවක් බව ජත්යන්තර ක්රිකට් කවුන්සිලයේ සාමාන්යාධිකරුවෙකු වන ජෙෆ් ඇලාර්ඩිස් මහතා සදහන් කර ඇත.
එහිදී ඔහු සදහන් කර ඇත්තේ එවැනි අවස්ථාවක තෙවන විනිසුරුගේ සහය ලබාගැනීමට පිටියේ විනිසුරුවන්ට අවස්ථාව හිමි නොවන අතර පිටියේ විනිදසුරුවන් දෙදෙනා සාකච්ඡා කර තීන්දුව ලබාදිය දිය යුතු බවයි. ඒ අනුව ඔවුන් දෙදෙනා නිවැරදි තීන්දුව ලබාදුන් බවද ඔහු සදහන් කර ඇත.