Wednesday, November 20, 2024

හෙට විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වර්ජනයක්

Must read

වැටුප් විෂමතා ඉවත් කිරීම, එම්.සී.ඒ. දීමනාව වැඩිකිරීමට, විශ්වවිද්‍යාලවලට සේවකයන් බඳවා ගැනීමේදී විවෘත තරග විභාගයකින් එය සිදුකිරීම, ණය සීමා යාවත්කාලීන කිරිම ඇතුළු ඉල්ලීම් 11ක් මුල්කර ගනිමින් හෙට (30) දිනයේදී එක්දින සංඛේත වැඩවර්ජනයක් පවත්වන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සඳහන් කරයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ රජයේ විශ්ව විද්‍යාල 15,මණ්ඩප3 හා ආයතන 15දී මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වෙයි.

මෙලෙස අනධ්‍යන සේවක වැඩවර්න පැවැත්වෙන අවස්ථාවේදී මුළු විශ්වවිද්‍යාල පද්ධතියටම බාධාවක් ඇතිවන නමුත් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සදහන් කරන්නේ තම ගැටළු විසදා ගැනීම සදහා සාකච්ඡා වාර කිහිපයක් පැවැත්වූවත් ඒ පිළිබඳව බලධාරීන්ගෙන් නිසි පිළිතුරු නොලැබුණ බවයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article