රටවල් 24කින් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සඳහා ‘පැමිණීමේදී ලබාදෙන සංචාරක වීසා’ (On Arrival Visa) නිකුත් කිරීමට කැබිනට් අනුමැති හිමිව තිබේ. ඒ අනුව තායිලන්තය, යුරෝපා සංගමය එක්සත් රාජධානිය, ඇමෙරිකා එක්සත් ජනපදය, සිංගප්පූරුව,ජපානය, , දකුණු කොරියාව, කැනඩාව, , නවසීලන්තය, මැලේසියාව, ස්විස්ටලන්තය, කාම්බෝජය, ඩෙන්මාර්කය, , නෝර්වේ, පින්ලන්තය, අයිස්ලන්තය, පිලිපීනය,ඔස්ට්‍රේලියාව, රැසියාව, ස්වීඩනය, චීනය, ඉන්දියාව යන රටවල් සඳහා (පැමිණීමේදී ලබාදෙන සංචාරක වීසා) (On Arrival Visa) නිකුත් කිරීමට නියමිතය.
සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් මින් පෙර යුරෝපා සංගමය ඇතුළු රටවල් 14ක් සඳහා ‘පැමිණීමේදී ලබාදෙන සංචාරක වීසා’ (On Arrival Visa) නිකුත් කිරීමේ නියමු ව්‍යාපෘතියක් සිදුකිරීමට කැබිනට් අනුමැති හිමිවූවත් අවසනාවන්ත පාස්කු ප්‍රහාරයෙන් පසු අමාත්‍යමණ්ඩලය විසින් එම තීරණය අත්හිටුවීමට තීරණය කලේය.