වෛද්‍ය සාෆි සහබ්දින් සම්බන්ද වද සැත්කම් ප්‍රශ්ණය අවුරුදු ගණනක් තිස්සේ අධිකරණ තුල රස්තියාදු වෙමින් විසදිය යුත්තක් නොවන බවත් එය සංඛ්‍යානය භාවිතා කරමින් සතියක කාලයක් තුල විසදිය හැකි ගැටළුවක් බවත් අමාත්‍ය චම්පික රණවක මහතා පවසයි.
සාෆි වෛද්‍යවරයාට අමතරව ශ්‍රී ලංකාවේ සිසේරියන් සැත්කම් කළ අනෙකුත් සියලුම සිංහල දෙමළ වෛද්‍යවරුන්ගේ ද දත්ත රැස්කර එම සැත්කම්වලින් පසු නැවත දරුවන් නොලැබීමේ සම්භාවිතාව සහ එම ප්‍රතිශතයන් සිංහල, දෙමළ සහ මුස්ලිම් වශයෙන් කොපමණ ද යන්න ගණනය කිරීමෙන් මෙම ගැටළුව විසදිය හැකි බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මෙවැනි සංවේදී ගැටළුවක් වසර ගණනක් තිස්සේ අධිකරණය තුල නීති තර්ක කරමින් පවත්වාගෙන යාම තුලින් මුස්ලිම් ජනතාව සහ මුස්ලිම් වෛද්‍යවරුන් පිළිබඳ සිංහල බෞද්ධ සමාජය තුළම බියක් ඇති වන බවද අමාත්‍යවරයා වැඩිදුටත් සදහන් කලේය.