Wednesday, November 20, 2024

මහේල ඉන්දීය ප්‍රධාන පුහුණුකරු ධූරයට?

Must read

ඉන්දීය ක්‍රිකට් කවුන්සිය විසින් සිය කණ්ඩායමේ තනතුරු 6ක් සදහා මේ වන විට අයදුම්පත් කැදවා ඇති අතර ඒ සදහා වන සුදුසුකම්ද ප්‍රකාශයට පත්කොට ඇත. ඒ අනුව ඉන්දීය කණ්ඩායම විසින්

  1. ප්‍රධාන පුහුණුකරු
  2. පිතිකරණ පුහුණුකරු
  3. පන්දු යැවීමේ පුහුණුකරු
  4. පන්දු රකින පුහුණුකරු
  5. භෞත චිකිත්සත
  6. පාලන කළමණාකරු යන තනතුරු 6 සදහා අයදුම්පත් කැදවා ඇත.

මේ වන විට මාධ්‍ය වාර්ථා කරන අන්දමට ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුධූරය සදහා ගැරී කර්ස්ටන් ,ටොම් මූඩි,විරේන්ද්‍ර ශෙවාග්ද සිය අයදුම්පත් ඉදිරිපත් කර ඇති අතර ශ්‍රි ලංකා හිටපු නායක මහේල ජයවර්ධනද ඉන්දීය ප්‍රධාන පුහුණුකරුධූරයට සිය ඇයදුම්පත ඉදිරිපත් කර ඇත.

මහේල අවස්ථා 3කදී IPL තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කල අතර ඉන් අවස්ථා දෙකකදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article