සිය ධීවර කටයුතු සදහා ජාත්‍යන්තර මුහුදු ප්‍රදේශ වලට ගොස් සිටි බහුදින ධීවර යාත්‍රා 30ක් පමණ පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව සිටින බවත් ඔහුන්ය මුදවාගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සමස්ත ලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමය පුත්තලම ආපදා කළමනාකරණ ඒකකයෙන් ඉල්ලා ඇති බවත් වාර්තා වෙයි. මෙම යාත්‍රා 30 තුල ධීවරයන් 200 දෙනෙකු පමණ සිටින බවද වාර්තා වෙයි.
මෙම බහුදින ධීවර යාත්‍රාවන් දික්ඕවිට හා මීගමුව ධීවර වරායන්ගෙන් මුහුදු ගොස් ඇති අතර මෙම යාත්‍රාවන්ගෙන් බහුතරය හලාවත ධීවර කලාපයේ ඒවා වන අතර මීගමුව හා දික්ඕවිට ප්‍රදේශවල යාත්‍රා ද වෙයි.