හෙට (19) දිනයේදී පැය 9ක කාලයක් සදහා කැලණිය, පෑලියගොඩ, වත්තල, බියගම, මහර,දොම්පෙ,ජා ඇල, කටුනායක, සීදූව, ඇතුළු ගම්පහ යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කරයි. ඒ අනුව හෙට පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා ඉහත සදහන් ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවනු ඇත.
මේ සදහා හේතු වී ඇත්තේ ලංකා විදුලි බල මණ්ඩලය විසින් සිදුකරන අලුත්වැඩියා කටයුත්තකි. මේ සම්බන්දයෙන් අවශ්‍ය තොරතුරු සදහා ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ කෙටි දුරකථන අංකය වන 1939 ඇමතිය හැකිය.