Wednesday, November 20, 2024

පාසල් ආරක්ෂාවට දෙමව්පියන් යෙදවීම අවශ්‍ය නැහැ – අධ්‍යාපන අමත්‍යංශය

Must read

පාසල් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක බළකාය යොදවා ඇති බැවින් දරුවන්ගේ ආරක්ෂාව සදහා දෙමව්පියන් යෙදවීම අවශ්‍ය නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ වන විට දිවයින පුරා ආරක්ෂාව සදහා මෙන්ම පාසල් වල ආරක්ෂාව සදහාද ත්‍රිවිධ හමුදාව හා පොලීසිය යොදා ඇති විධිවිධාන ගැන විශ්වාසය තබමින් පාසල් ආරක්ෂා කිරීමේ කටයුතු සදහා දෙමව්පියන් යොදවාගැනීම අවශ්‍ය නොවන බවද අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඇතැම් පාසල් වල දරුවන්ගේ ආරක්ෂාව සදහා පාසල් බෑග් ගෙන ඒම තහනම් කිරීමත් ඒ සදහා වෙනත් විනිවිද පෙනෙන බෑග් ගෙනඒම අනිවාර්ය කිරීමත් හේතුවෙන් දරුවන් මෙන්ම මවුපියන්ද අපහසුතාවයට පත්වූ බවත් ඇතැම් පාසල් ආරක්ෂා කිරීම සදහා ගැබිනි මව්වරුන්ද පාසල් ගේට්ටු අසල රැදී සිටින සිදුවීම් වාර්තා වූ බවත් එවැනි ක්‍රියාවන් හේතුවනේ මව්පියන්ද අපහසුතාවයට පත්වන බව සදහන් කරන අමාත්‍යංශය මේ වන තෙක් දරුවන් වෙනුවෙන් සිය කාලය හා ශ්‍රමය කැපකල මව්පියවරුන්ට කෘතවේදීත්වය පල කරන බවත් සදහන් කරයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article